ජලය පානයෙන් තොරව කිසිවෙකුටත් ජීවත් විය නොහැකි ය. ඒ අනුව බලන විට ‘ජලය’ යනු, මිනිස් සිරුරට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. ඒ මන්ද යත්, ජලයේ අන්තර්ගත ස්වාභාවික පෝෂකවලින් සියයට 70කටත් වඩා වැඩි ප්‍රමාණයක්, සිරුරට අවශෝෂණය කර ගන්නා නිසා ය. ජලය පානය කරන පුද්ගලයාට අත් විඳිය හැකි ප්‍රතිඵල ද බොහෝමයකි. ඔබත් අනිවාර්යයෙන්ම දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය පානය කරන්නේ නම්, ඔබට ද වාසිදායක ප්‍රතිඵල අනිවාර්යයෙන් ම අත්කර ගත හැකි ය.

1.ලෙඩ රෝග වැළදීම අවම කරයිබොහෝ විට මිනිසාට ලෙඩ රෝග වැළඳගන්නේ වෛරස්, බැක්ටීරියා ආසාදන හේතු කර ගෙන ය. ජලය තුළ පවතින සේදුම්කාරක ගුණය නිසා, ජලය පානය කළවිට ශරීරය පිරිසුදු වේ. එවිට සිරුරේ සැඟවී තිබෙන විෂබීජ සියල්ල විනාශ වී යයි. එම නිසා, ජලය නිසි පරිදි පානය කිරීම මඟින් ලෙඩ රෝග වැළඳීම අවම කර ගත හැකි ය.

2.දිදුලන සමක් හිමි වීමඔබගේ සමට ගැටලුවක් වී තිබෙන කුරුලෑ, දද හා බිබිළි වැනි තත්ත්ව අවම කරගෙන, නිරෝගී, නිකළැල් සමක් උරුම කර ගැනීමට , ජලය වැඩි වශයෙන් පානය කිරීම මඟින් හැකියාව ලැබේ. ඒ අනුව දිනකට වතුර වීදුරු 11ක් පමණ පානය කළ යුතුව ඇත. ජලය පානය කළවිට, ශරීරයේ අභ්‍යන්තරය පිරිසුදු වන නිසා, සිරුරට පිටතින් පැමිණෙන බැක්ටීරියා ආසාදන සමඟ ජලය ප්‍රතික්‍රියා කරයි. එම නිසා, සම පමණක් නොව, සිරුර ද විෂබීජවලින් ආරක්ෂා කර ගැනීමට ජලය පානය මඟින් ඉඩකඩ ලැබේ.

3. ක්‍රියාශීලී බව වර්ධනය වීමජලය පානය මඟින් සිරුරේ විජලන තත්ත්වය මුළුමනින්ම මඟහරවා ගැනීමට පුළුවන. විජලනය ඇති වන්නේ ශරීරය වියළීම නිසාවෙනි. එවිට කම්මැලි, ඈලි මෑලි ස්වභාවයක් ඇතිවේ. ජලය පානය කිරීමෙන් පුද්ගල මනසට උත්තේජනයක් ලැබේ. උදෑසන පිබිදීමෙන් පසු හොඳ වතුර වීදුරුවක් පානය කිරීම යහපත් බව වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ ද , උදෑසන ජලය පානය මඟින් මුළු දවසම ක්‍රියාශීලි වන නිසා ය.

4. සිරුරේ බර අඩුවීමස්ථුලතාව අද බොහෝ විට දක්නට ලැබෙන ප්‍රචලිත ගැටලුවකි. වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ, එවැනි පුද්ගලයන් වැඩියෙන් ජලය පානය කරන්නේ නම්, දීර්ඝ කාලයක් යන විට තමන්ට අවශ්‍ය ලෙස සිරුර පවත්වා ගැනීමට හැකි වන බවයි.5. යෝග්‍යතාව වැඩි දියුණු වීමව්‍යායාම් මඟින් ශරීරයෙන් ජලය බැහැර වන බව ඔබ අප කොයි කවුරුත් දන්නා කාරණාවකි. එමඟින් ශරීරයේ ඇති අනවශ්‍ය දෑ ඉවත්ව යයි. එසේ ම, ව්‍යායාම කරනවිට, ජලය පානය කිරීමෙන් මුළු සිරුරම සිසිල්වේ. එසේ ම, ව්‍යායාම්වලින් පසු එම ජලය ස්වභාවිකවම ඉවත්ව යයි. දහඩිය මඟින් ජලය ඉවත් වීම හේතුවෙන් , ශරීර යෝග්‍යතාවට ද මනා රුකුලක් ලැබේ.

Add Comment

Your email address will not be published. Required fields are marked *